ඔබේ දහඩිය ඔබට කියන්න උත්සාහ කරන තීරණාත්මක දේවල් 5ක්.
දහඩිය දාන එක සාමාන්‍ය දෙයක් වුණත් මෙලෙස දහඩිය දැමීම අපේ සිරුරේ උෂ්ණත්වය සමතුලිත කිරීමට උපකාරී වෙනවා. දහඩිය දැමීම කියන්නෙ ඔයාගේ දහඩිය ග්‍රන්ථිවලින් ලුණු මත පදනම් වූ තරලයක් මුදා හැරීමයි. ඒක ඔයාගේ චිත්තවේගීය තත්ත්වය, බරපතල වෛද්‍ය තත්වයක්, හෝ ආර්තවහරණය සහ ගැබ් ගැනීම් (හෝමෝන වෙනස්වීම් හේතුවෙන්) නිසා සිදුවෙන්න පුළුවන්. ඇපොක්‍රීන් ග්‍රන්ථි නිරන්තරයෙන් දහඩිය මුදාහරින අතර, වැඩිවියට පත් වීමත් එක්කම ඇපොක්‍රීන් ග්‍රන්ථි මගින් දාඩිය ග්‍රන්ථි සක්‍රිය කරන හෝමෝන නිදහස් කරනවා.
දහඩිය පෙන්නුම් කරන සෞඛ්‍ය තත්ව
01. ලුණු සහිත දහඩිය
? කඳුළු වගේම, දහඩියත් ලුණු සහිත වීම සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයාගේ දහඩිය අසාමාන්‍ය ලෙස ලුණු සහිත නම්, එය ඔයාගෙ ඇස් දැවිල්ල සහ විවෘත කැපුම් තුවාල ඇති කරනවා නම්, ඒක ඔයාට සෝඩියම් අඩු විය හැකි බව පෙන්වන ලකුණක්.
? සෞඛ්‍ය සම්පන්න ශරීරයකට සජලනය කියන්නෙ ඉතාම වැදගත් දෙයක්. ඔයාගෙ ආහාරයේ සෝඩියම් අඩු වුණාම ඔයාව විජලනය වෙනවා.
? එතකොට ඔයාගෙ සෝඩියම් සහ පොටෑසියම් මට්ටම් පාලනය කරන විද්‍යුත් විච්ඡේදක වැඩි කිරීම සඳහා ඔයාට වැඩිපුර ශක්තිජනක බීම පානය කරන්න සිදුවෙනවා. මෙමගින් අධිකව ලුණු සහිත දහඩිය පිටවීම වළක්වනවා.
02. යන්තම් දහඩිය දැමීම
? අපේ ශරීර එකිනෙකාට වෙනස්. සමහර අයට වැඩිපුර දහඩිය දමන අතර සමහර අයට දහඩිය දමන්නෙ අඩුවෙන්. ඒක ස්වභාවිකයි. කොහොම වුණත්, අනික් හැමදේම වගේ, මේකත් ඕනෑවට වඩා හෝ අඩු වීම හොඳ සලකුණක් නෙවෙයි.
? උණුසුම් ගිම්හාන දිනකදී හෝ බයිසිකලයක් පදවන අතරතුර ඔයාට දහඩිය පිටවෙන්නෙ යන්තම් නම්, ඒකෙන් අදහස් වෙන්නෙ ඔයාගෙ දහඩිය ග්‍රන්ථි හොඳින් ක්‍රියා නොකරන බවයි.
? මෙය ඇන්හයිඩ්‍රොසිස් ලෙස හැඳින්වෙන බැරෑරුම් තත්ත්වයක් වන අතර එය සම්පූර්ණ ශරීරයටම බලපාන්න පුළුවන්.
03. අධික ලෙස දහඩිය දැමීම
? මිනිසුන්ට යන්තම් දහඩිය දැමීම පමණක් නෙවෙයි, ඔවුන්ට අධික ලෙස දහඩිය දැමීමත් සිදු විය හැකියි.
? මේ තත්ත්වය අපි සාමාන්‍යයෙන් නොදැනුවත්වම නොසලකා හරිනවා.
? අධික ලෙස දහඩිය දැමීම හයිපර්හයිඩ්‍රොසිස් ලෙස හඳුන්වන අතර කිසිදු හේතුවක් නොමැතිව සීතල කාලගුණය තුළ පවා මෙය සිදු වෙන්න පුළුවන්. එය සාමාන්‍යයෙන් ඔසප් වීමේදී කාන්තාවන්ට සිදු වෙනවා.
? සමහර විට මේ තත්ත්වය භයානක විය හකියි. ඔයා දහඩිය දැමීම සහ බර අඩු වීම කියන ලක්ෂණ දෙකම අත්විඳිනවා නම්, ප්‍රධාන වශයෙන් නිදා සිටින විට ඇතිවන දහඩිය දැමීම හෝ දහඩිය දමන විට පපුවේ පීඩනයක් දැනෙනවා නම්, ඉක්මනින්ම වෛද්‍යවරයකු හමුවෙන්න.
04. දුගඳ දහඩිය
? දහඩිය අධික ගඳක් ඇති බව ඔයාට දැනිලා තියනවද? ඇත්ත වශයෙන්ම දහඩියට කිසිම සුවඳක් නෑ. එය සම්පූර්ණයෙන්ම ගන්ධ රහිතයි. හැබැයි ඔයාගේ සමේ තියන බැක්ටීරියා එක්ක දහඩිය මිශ්‍ර වුණාම තමයි ගන්ධයක් ඇතිවෙන්නේ.
? විවිධ ග්‍රන්ථි වලින් එන දහඩිය වර්ග 2ක් තිබෙනවා. එකක් සාමාන්‍යයෙන් අධික උණුසුම් වන විට eccrine ග්‍රන්ථි වලින් ගන්ධ රහිත දහඩිය වන අතර, අනෙක ඇපොක්‍රීන් ග්‍රන්ථි වලින් එන එතරම් ප්‍රසන්න නොවන ගන්ධයක්.
? දහඩිය දමන ප්‍රදේශ හොඳින් සෝදා පිරිසිදු කරන්න. ඔයා ගන්න ආහාර, ඔයා අවට පරිසරය සහ ඖෂධ සියල්ල ඔයාගෙ සිරුරේ දුගඳට බලපාන බව මතක තබා ගන්න.
05. ගර්භනී දහඩිය
? ගර්භණී සමයේදී, කාන්තාවන්ට සාමාන්‍ය ප්‍රමාණයට වඩා දහඩිය දැමීමට ඉඩ තියනවා. එය ඉඳහිට ගැබ්ගැනීමේ පළමු රෝග ලක්ෂණ වලින් එකක්. ඔයා ගැබ්ගෙන සිටින විට ශරීරය එහි සුවඳ වෙනස් කරනවා. ඇත්තටම මේක වෙන්නෙ ඔයා ළදරුවෙකු බිහි කිරීමට නියමිත බව දැන ගැනීමටත් පෙර සිටයි.
? මේ සංසිද්ධිය පිටුපස තිබෙන විද්‍යාත්මක හේතුව තමයි, දරුවාට වැඩිපුර ඔක්සිජන් සහ පෝෂණය ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වීම නිසා ශරීරයේ රුධිර සැපයුම ඉහළ යාම. වැඩිපුර ජලය බීම, දිනපතා ස්නානය කිරීම, ලිහිල් ඇඳුම් ඇඳීම, සහ සැර සහිත ආහාරවලින් ඈත්ව සිටීම මගින් දහඩිය දැමීම අඩු කරගන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |