දෙවොලේ පිදුම් ලැබූ රාජසිංහ ඔටුන්නට ඇත්තටම මොකද වුණේ?

By Wayomi Sep 28, 2022 07:52 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලංකා ඉතිහාසයේ රණශූර රජවරුන් ඉතාමත් සුලභයි.එහෙත් නමුත් උඩරට දෙවනි රාජසිංහයන් ඒ අතර අද්විතීය රණ ශූරයෙකි.ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුයි. ඉතින් මේ කතාව දෙවොලේ ආශීර්වාදය ලැබූ ඔහුගේ රාජකීය ඔටුන්න ගැනයි.


දෙවනි රාජසිංහ කාගේ කවුද?

🤴 ක්‍රි. ව. 1630 රන්දෙණිවල සටන මෙහෙයවීමෙන් රජ වෙන්නට පෙර සිටම ඔහු කීර්තියට පත්ව සිටියා.

🤴 ඔහුගේ ඒකායන අරමුණ වී තිබුණේ පරංගීන් ලංකාවෙන් පලවා හැර සමස්ත දේශයේම පාලකයාවීමයි.

🤴 අභිෂේකයට පෙර මහා අස්ථාන කුමරු හෙවත් දේව රාජසිංහ කුමරු නමින් හැඳින්වුණු මෙතුමා සෙනරත් රජුගේ සහ කුසුමාසන දේවියගේ පුතා ලෙසයි ඉතිහාසයේ සඳහන් වන්නේ.


ඉඟුරු දී මිරිස් ගැනීම

🤴 පෙර රජවරු එවකට පෘතුගීසි බලය මර්දනය සඳහා කැරලි ඇති කළ නමුත් දෙවන රාජසිංහ රජු යොදා ගත්තේ වෙනස්ම ක්‍රමයක්.

🤴 පෘතුගීසීන් කොළඹ කොටුව දක්වා එළවා දැමීමට සමත්වුණත් ඔවුන් සතු නාවික ශක්තිය වැඩිවුණා.

🤴 ඒ නිසා පෘතුගීසින් එලෙවා දැමීමට කුරුඳු වෙළදාම පිළිබඳව අයිතිය සහ වරායන් පමණක් ලබාදී රජු ලන්දේසීන්ගෙන් සහය ලබාගත්තා.

🤴 නමුත් එය අවසානයේදී ඉඟුරු දී මිරිස් ගත්තා වැනි තත්ත්වයක් උදා වුණේ පරංගීන් පලවා හැරීමට ලන්දේසි සහය ලැබුණත් අවසානයේදී ලන්දේසීන් ලංකාවේ බලය අල්ලා ගැනීමත් සමඟයි.

🤴 ක්‍රි. ව. 1638 දී රජු හා ලන්දෙසීන් අතර අත්සන් තබන ලද ගිවිසුම ලන්දේසීන් තමන්ට වාසිසහගත ලෙස යොදාගනු ලැබුවා.

🤴 මේ ගිවිසුමට අනුව රජු පෘතුගීසීන් නෙරපා දැමීම සඳහා වැයවන මුදල ලන්දේසීන්ට ගෙවන්නටත් එතෙක් ඔවුන් භුක්ති විදි කුරුඳු වෙළදාම පිළිබඳව අයිතිය ලන්දේසීන්ට පවරන්නට එකඟ වීමත් සිදුවුණා.


සටන් බිම සහ දෙවොලේ හාස්කම්

🤴 කෙසේ වෙතත් දෙවන රාජසිංහ රජු ලන්ද්සීන්ගෙන් උදව් ලබා ගැනීම පෘතුගීසීන් තුළ අමනාපකම් ඇති කළා.

🤴 ඒ නිසා පෘතුගීසීන් මුහුදුබඩ ප්‍රදේශ අත්කරගෙන සිටියත් 1638 වසරේදී සෙංකඩගල රාජධානියත් ආක්‍රමණයට සූදානම් වුණා.

🤴 ඉතින් රජතුමා පෘතුගීසි ආක්‍රමණය පරාජය කරනුවස් සටන් බිමට පිවිසුණා.

🤴 ඒ, අද, ඓතිහාසික දොඩම්වෙල දෙවොල පිහිටි ස්ථානයෙන්.

🤴 ප්‍රදේශයේ වැසියන් එබිම අනුහසින් පිරි හෙයින් දෝලාවෙන් බැස ගමන් කරන සේ රජුගෙන් අයැද තිබෙනවා.

🤴 එය නොපිළිගත් රජු පුදබිම හරහා ගමන් ගනිද්දී දෝලාව ඔසවා ගිය දණ්ඩ දෙකට කැඩී, රජු සමඟ දෝලාව බිම පතිත වී තිබෙනවා.

🤴 ඉන් කෝපයට පත් රජතුමා මෙහි කිසියම් බලයක් ඇත්නම් එය පෙන්වන ලෙස අභියෝග කර තිබෙනවා.

🤴 එහිදී දේවාලයේ ප්‍රධාන පූජකයා දෙවියන් යැද අසලින් ගලායන දිය කෙලිනා ඔයෙහි ජලයෙන් දෙවොලේ පහන් දල්වා, පහන් දැල්වූ ජලයෙන් දෙකඩ වූ දෝලාවේ දණ්ඩ යලි හා කර ඇති බව ජනප්‍රවාදයේ සඳහන්.

🤴 දේව බලය ගැන අතිශයින්ම පැහැදුණු රජතුමා යුද්ධයේ ජයග්‍රහණය උදෙසා එහි බාරවී ඇත.

🤴 පසුව ගන්නෝරුවේ පෘතුගීසීන් සමඟ සිදු කළ ඓතිහාසික බිහිසුණු සටනේදී පෘතුගීසීන් දරුණු ලෙස පරාජය කරන්නට රජු ප්‍රමුඛ සේනාවන්ට හැකි වුණා.


දෙවොල සහ කිරුළ

👑 අනතුරුව රජු දොඩම්වෙල නව දෙවොලක් තනනු ලැබුවා.

👑 ඉන් නොනැවතී රාජ්‍යත්වය නිරූපණය කළ තම කිරුළ දෙවියන් උදෙසා පූජා කළා.

👑 රටක රාජ්‍යත්වයේ සංකේතය බඳු කිරුළ තවත් අයෙකුට පිදීම සුවිශේෂී අවස්ථාවක්.

👑 රජතුමා නාථ දෙවියන් කෙරෙහි කෙතරම් පැහැද සිටියේද යන්න එයින් පැහැදිලි වෙයි.

👑 ඉන් පසු පුරා වසර සිය ගණනක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි සියලු සොර සතුරු ආක්‍රමණ හමුවේ වුවත් කිරුළත් දෙවොලත් ආරක්ෂිත වුණා.


දැන් ඒ කිරුළ කෝ ?

👑 පසු කළෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගන්නා එම කිරුළ, මහනුවර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබියදී සොරුන් විසින් සොරාගෙන කැබලි කර තිබෙනවා. (ඇත්තටම ඔවුන් සැබෑ සොරුන්ද? නැතිනම් දේශපාලනික හොරුද යන්න සත්‍ය නොදනිමි..? )

👑 ඇත්තටම එය මහත් ඛේදවාචකයකි.

👑 අද අපට දක්නට ඇත්තේ එහි අනුරුවක් පමණයි. 



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW