දිස්ත්‍රික්ක දහතුනක් සඳහා කාලගුණ අනතුරු ඇඟවීම්..

By Sithumi Sep 26, 2022 04:54 PM GMT
Report

සඳුදා රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 13කට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීම සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, උතුරු සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය, මාතලේ, පුත්තලම, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.