ගංවතුරට ගසාගෙන ගිය ආපදා නිලධාරියා - 600 ට ආසන්න පිරිසක් පීඩාවට පත්කළ කාලගුණයේ නවතම තත්වය

Common Wealth Day Sri Lanka
By Sithumi Jun 01, 2022 08:02 AM GMT
Report

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මේ වන විට එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ රාජකාරී අවසන් කර නිවස බලා ගමන් කරමින් සිටි සහන සේවා නිලධාරියෙකු රත්නපුර - කුරුවිට ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන යාමෙන් මිය ගොස් ඇති බවයි.

එලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර - කිරිඇල්ල ප්‍රදේශයේ සහන සේවා රාජකාරී වල නිරතව සිටි නිලධාරියෙක්.

එමෙන්ම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 6ක පවුල් 144 කට අයත් පුද්ගලයන් 576 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 236 ක්.

අයහපත් කාලගුණ තත්වයෙන් ආපදාවට ලක් ව ඇති කලුතර, ගම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ජනතාවට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඒ සඳහා මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදාව සහන කණ්ඩායම් 13ක් ස්ථාන ගත කර තිබෙනවා.

අද සිට බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මෙම සහන කණ්ඩායම් ස්ථාන ගත කළ බවයි නාවික හමුදාව සදහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now