තවත් අමානුෂික මනුෂ්‍ය ඝාතනයක්..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 09, 2022 05:58 AM GMT
Report

ගොකරැල්ල පොලිස් වසමේ මීගහමුලවත්ත - ඉබ්බාගමුව ප්‍රදේශයේ දී උදැල්ලකින් පහර දී පිහිවලින් කපා, යකඩ පොලුවලින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වේ.

මරණකරුගේ නිවසේ පැවැත්වීමට සූදනම් ව තිබූ පූජාවක් සඳහා කෙසෙල් අතු කැපීමට මරණකරු හා තවත් පුද්ගලයකු අසල නිවසකට ගොස් තිබෙන අතර එසේ යන අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මරණකරු හා අනෙක් පුද්ගලයා ව හප්පාගෙන ගමන් කර ඇත.

එසේ කිරීමට හේතුව විමසමින් සිදු වූ බහින්බස් වීමකින් පසුව මෙම ඝාතනය සිදු වී ඇති අතර මරණකරු වයස අවුරුදු 26ක ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබ යි.