මවක් හා දියණියක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ අධිසංවේදී පුවතක්..

Police spokesman Sri Lanka Police Sri Lanka
By krishani Sep 10, 2022 05:38 AM GMT
Report

බදුල්ල - ගැලපීන්වත්ත හිඟුරුගමුව ප්‍රදේශයේ දී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව සහ දියණියක් වන අතර ඝාතනයට ලක් වූ මව 83 හැවිරිදි වියෙහි පසුවන අතර දියණිය 55 හැවිරිදි වියෙහි පසුවිය.

එමෙන්ම පහරකෑමට ලක් වූ තවත් කාන්තාවක් බරපතළ කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබෙන අතර මෙලෙස තුවාල ලැබූ තැනැත්තිය ද ජීවිතක්ෂයට පත් වූ මවගේ වැඩිමහල් දියණියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

තුවාල ලැබූ තැනැත්තිය 62 හැවිරිදි වියෙහි පසුවන්නියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල - ගැලපීන්වත්ත පොලිසිය විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join