අටලුගම දැරිය ඝාතනයට තවත් අයෙක් පොලිස්භාරයට - සැකකරුගේ ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් හමු වෙලා..

Sri Lanka Police
By krishani May 30, 2022 03:43 AM GMT
Report

ඝාතනයට ලක් වූ බණ්ඩාරගම - අටළුගම 09 හැවිරිදි දැරිවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකාරයින් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇත.

ඉන් එක් අයෙකු කීරකොටුකාරයෙකු වන අතර ඔහුගේ නිවසෙහි ඇඳ යට තිබී මඩ ගෑවුණු සරමක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

පොලිසිය සදහන් කළේ කීර කොටුවට අල්ලපු ඉඩම වන්නේ ඝාතනයට ලක් වූ දැරිවියගේ මෘත ශරීරය හමු වූ වගුරු බිම බවයි.

ඝාතනයට ලක්වූ ෆාතිමා අයීෂා අක්‍රම් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) පානදුර මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ප්‍රදේශයේ එළවළු කොරටුවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ තවත් අයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join