බුදු පිළිමය දෙස බලමින් කළ අපරාධය.. වීඩියෝ සහිතයි (CCTV VIDEO)

By Sithumi Feb 01, 2022 12:19 PM GMT
Report

කළුතර උතුර, ගාලු පාරේ පිහිටි බුදුපිළිම සහ අටපිරිකර අලෙවිසැලක සිදුවන මුදල් කොල්ලයක් CCTV කැමරාවේ සටහන්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ අදාළ කොල්ලය ඊයේ පස්වරුවේ සිදුව ඇති බවය. 

 එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු වෙළෙඳසැලට පැමිණෙන අතර ඔවුන් තුවක්කුවක් පෙන්වා එම වෙළඳසැලේ සේවිකාවන් බියවද්දා මෙලෙස මුදල් කොල්ලකා ඇත. 

එහිදී කොල්ලකරුවන් විසින් එක් සේවිකාවක ගෙළ බැඳි රන් මාලයක් ද කඩාගෙන ගොස් ඇත. කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

එම අවස්ථාව වෙළෙඳසැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්වී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now