ළමා හා කාන්තා කාර්යාංශයක ස්ථානාධිපතිනියගේ දියණියට අනියම් සැමියා කළ අපරාදයක්.

Sri Lanka Police Crime
By Wayomi Nov 19, 2022 12:58 PM GMT
Report

පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයක ස්ථානාධිපතිනියගේ 13 හැවිරිදි දියණිය නිවසේදී අපයෝජනයට ලක්වීමේ පුවතක් දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත දු අදාළ දැරිය දුම්මලසූරිය පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, ඇයගේ මිත්තණියගේ නිවසේ සිටියදීයි.

දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරියගේ මව, එනම් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ අනියම් සැමියා විසින් මෙලෙස දැරිය අපයෝජනයට ලක් කර ඇති අතර, ඒ පිළිබඳව දැනගත් පසුවයි තම දියණිය දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ නතර කර තිබෙනවා.

ඇයගේ සැමියා මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වන චෝදනාවකට බන්ධනාගාර ගතවයි පසුවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW