වියළි ආහාර මල්ල මරණයකින් කෙළවර වූ අවාසනාවන්ත පුවතක්..

Sri Lanka Police Crime
By krishani Nov 23, 2022 01:46 AM GMT
krishani

krishani

in අපරාධ
Report

තෙරිපැහැ - හෙළගම ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දි මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ පුවතක් වාර්තා වේ.

කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස පිහි ඇනුමට ලක් වී ඇත.ඉන් එක් කාන්තාවකු මෙලෙස මිය ගොස් ඇත්තේ.

මරණකාරියගේ දියණිය පවුල් ආරවුලක් හේතුවෙන් වසර කිහිපයක සිට තම පුරුෂයාගෙන් වෙන්ව මවගේ නිවසේ ජීවත් වෙමින් සිට ඇත

ඊයේ (22) රජය මඟින් නොමිලේ ලබා දෙන වියළි ආහාර පාර්සලයක් ලබා ගැනීමට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්‍යාලයයට ගොස් ඇත.

දියණියගේ ස්වාමි පුරුෂයාගේ නමට මෙම වියළි ආහාර පාර්සලය නිකුත් කිරීමට නියමිත තිබුණ ද අදාළ මව හා දියණිය එම පාර්සලය ලබා ගැනීමට උත්සාහ කර ඇත.

එහිදී ආරවුලක් ඇති වී ඇති අතර දියණියගේ ස්වාමි පුරුෂයා විසින් ඉනේ තිබූ උල් පිහියක් ගෙන මවට සහ දියණියට ඇන ඇත.

තුවාලකාරියන් දෙදෙනා තෙරිපැහැ රෝහලට ඇතුළු කර ඇත. එහි දී මව මිය ගොස් තිබේ.

වයස අවුරුදු 27ක සැකකරු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර, අද (23) වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join