අද දහවල් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
Death
By krishani
අද (14) දහවල්, කෑගල්ල - ගලපිටමඩ - දුනමාල ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ දුනමාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු වන අතර ඔහු දුනුමාල ප්‍රදේශයේ රබර් වත්තක මුරකරු ලෙස සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙක් ය.
කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලපිටමඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.