පුතුගෙ ගෙළ කපා ඝාතනය කර වගා ළිඳකට දැමූ පියා.

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By krishani Jul 25, 2023 11:22 AM GMT
Report

පියෙකු විසින් මාස 10 කට පමණ පෙර තම පුතාගේ ගෙළ කපා ඝාතනය කළ පුවතක් කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 

ඒ සම්බන්ධයෙන් 54 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කහටගස්දිගිලිය, කුඩා පට්ටිය ප්‍රදේශයේ අයෙක් වේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 05 වනදා එම ප්‍රදේශයේ වගා ළිඳකින් අදාළ මළ සිරුර හමුවී තිබු අතර ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සමඟ පැවති ගැටුමක් හේතුවෙන් ඔහුගේ පියා මෙම ඝාතනය සිදුකළ බවයි.