දියණිය සියදිවි නසා ගත්තැයි කෝපයට නැන්දම්මාටයි මාමණ්ඩියටයි කරපු කැත වැඩේ.. (PHOTOS)

India Fire Crime Death Latest Headlines
By krishani Mar 19, 2024 12:50 PM GMT
Report

තරුණ විවාහක කාන්තාවක් සියදිවි නසාගත් පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්‍රාජ් ප්‍රදේශයෙන් වාර්තා වේ.

දියණිය සියදිවි නසා ගත්තැයි කෝපයට නැන්දම්මාටයි මාමණ්ඩියටයි කරපු කැත වැඩේ.. (PHOTOS) | Crime At India

ඇය සියදිවි නසාගෙන පැය කිහිපයකට පසු, සැමියාගේ නිවසට පැමිණි ඇයගේ ඥාතීන් විසින් ගිනි තබා ඔහුගේ දෙමව්පියන් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ දී අන්ෂිකා නැමැති අදාළ කාන්තාව සිය සැමියාගේ නිවස තුළ දී ගෙළ වැළලාගෙන ඇත.

එම මරණය පිළිබඳ පුවත සැලවීමත් සමඟ ඇයගේ ඥාතීන් නැන්දම්මාගේ නිවසට පැමිණ තරුණියගේ දෑවැද්ද ඉල්ලා හිරිහැර කර තිබෙනවා.

එමෙන්ම, ඇයගේ සියදිවි නසා ගැනීමට ඔවුන්ට චෝදනා ද එල්ල කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ දී ඇති වූ ගැටුමක් දුරදිග ගොස් අන්ෂිකාගේ ඥාතීන් විසින් එම නිවසට ගිනි තබා ඇත.

දියණිය සියදිවි නසා ගත්තැයි කෝපයට නැන්දම්මාටයි මාමණ්ඩියටයි කරපු කැත වැඩේ.. (PHOTOS) | Crime At India

පසුව එතනට වහාම පැමිණි ගිනි නිවන භටයින් විසින් ගින්න නිවා දමා ඇතත් අන්ෂිකාගේ නැන්දම්මා සහ මාමණ්ඩිය දෙදෙනාම නිවස තුළ දී පිළිස්සී මියගොස් සිටි තිබෙනවා.

කෙසේ වෙතත්, ගින්නට හසුව තුවාල ලැබූ තවත් පස්දෙනෙක් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.