උගත් මහාචාර්ය පියා කුඩා දියණියගේ ගෙළ කපා දාලා - බිරිඳත් කැම්පස් එකට පස්සෙන් ඇවිත්.. හද මොහොතකට නතර වුණ සිදුවීම..

India Crime Death Latest Headlines
By krishani Mar 12, 2024 04:36 PM GMT
Report

විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු සහ ඔහුගේ දියණියගේ මළ සිරුරු සොයා ගත් පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

උගත් මහාචාර්ය පියා කුඩා දියණියගේ ගෙළ කපා දාලා - බිරිඳත් කැම්පස් එකට පස්සෙන් ඇවිත්.. හද මොහොතකට නතර වුණ සිදුවීම.. | Crime At India

මෙම මළ සිරුරු හමු වී ඇත්තේ හර්යානාහි හිසාර් දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ තිබීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි සන්දීප් ගෝයල් නම් මහාචාර්යවරයෙකු සහ ඔහුගේ අට හැවිරිදි දියණියයි.

සන්දීප් ගෝයල්, හිසාර්හි පශු වෛද්‍ය හා සත්ව විද්‍යා විශ්වවිද්‍යාලයේ සේවය කරන බව ද සඳහන් වේ.

එම මහාචාර්යවරයා විසින් ඔහුගේ දියණියගේ ගෙළ ශල්‍ය බ්ලේඩ් තලයකින් කපා තිබෙනවා.

පසුව ඔහු ද එම බ්ලේඩ් තලයෙන්ම ගෙළ කපාගෙන සියදිවි හානිකරගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඔහු සිය බිරිඳට පවසා ඇත්තේ ස්කූටරය පදින්නට යන බව ය. 

පසුව සිය දියණිය සමඟ නිවසින් පිටව ගොස් ඇති අතර ඔවුන් ආපසු නිවසට නොපැමිණීම නිසා ඔහුගේ බිරිඳ ඔවුන් සොයා විශ්ව විද්‍යාලයට ගොස් ඇත.

උගත් මහාචාර්ය පියා කුඩා දියණියගේ ගෙළ කපා දාලා - බිරිඳත් කැම්පස් එකට පස්සෙන් ඇවිත්.. හද මොහොතකට නතර වුණ සිදුවීම.. | Crime At India

එහිදී බිරිඳ විසින් සොයා බැලීමක් සිදුකර තිබෙනවා.

පසුව මොවුන් දෙදෙනා මිය ගොස් සිටින අයුරු දැක ඇති අතර සිය දිවි හානි කර ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත්, අදාළ මහාචාර්යවරයා මානසික අවපීඩන රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබන්නෙකු බව වාර්තා වේ.