කාන්තාවකට බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරිමටත් තැත් කරලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Jul 11, 2023 04:44 AM GMT
Report

ඊයේ (10) දෙමටගොඩ, ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී  කාන්තාවක් කපා කොටා බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ සැකකරුවන්ට යතුරුපැදියක් ලබා දීම සහ කුමන්ත්‍රණ කිරීම සම්බන්ධව පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 480ක් හමු වී තිබෙනවා.

අදාළ සැකකරු 23 හැව්රිදි කොළඹ 08, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (11) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.