ලෝක කුසලාන පළමු තරඟයෙන්ම එංගලන්තය ලෝක වාර්තාවක් තබයි...
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන් 11 දෙනාම ඉලක්කම් දෙකේ ලකුණු සීමාව පසු කළ ලොව ප්‍රථම අවස්ථාව ඊයේ (05) දිනයේ දී සනිටුහන් කරන්නට ක්‍රිකට් බිහිකල එංගලන්තය සමත් වුණා.
ඒ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී වීමද විශේෂත්වයක්..
නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 282ක් පමණයි.
එහි දී එංගලන්තයේ පිතිකරුවන් 11 දෙනාම ඉලක්කම් දෙකේ ලකුණු සීමාව පසුකිරීම ද විශේෂත්වයක්.
මීට පෙර කණ්ඩායම් පහක් අදාළ වාර්තාව අසළට පැමිණ බව ද සඳහන්.
ප්‍රථමයෙන් එම වාර්තාව අසලට පැමිණි කණ්ඩායම් වන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි.
1991 වසරේ දී ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේ දී ක්‍රීඩකයින් දස දෙනෙකු ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයක් රැස්කරගැනීමටයි සමත් වුණේ.
එහි දී කර්ට්නි වෝල්ෂ් හට ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.
මෙම වසරේ ආරම්භයේ දී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයක දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දස දෙනෙකු ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළා.
එහි දී ස්ටිව් ස්මිත් ලකුණු නොලබා දැවි යාම හේතුවෙන් ඔවුන්ට මෙම දුර්ලභ වාර්තාවට හිමිකම් කීමට හැකි වූයේ නැහැ.
කෙසේවෙතත් ඊයේ දිනයේ මෙවර ලෝක කුසලාන පළමු තරගයෙන්ම මෙවන් වාර්තාවක් තබන්නට නවසීලන්තයට එරෙහිව එංගලන්තයට හැකිවීම විශේෂත්වයක්.