ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට ආරක්ෂාව ප්‍රශ්ණයක් වෙයි..දිනත් වෙනස් වෙයි..
එළඹෙන ඔක්තෝබර් මස ඉන්දියාවේදී පැවත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඉන්දු පාකිස්තාන තරගය පවත්වන දිනය වෙනස් කරන ලෙසට ඉන්දීය පොලීසිය කළ ඉල්ලීමට පාකිස්තාන ක්‍රිකට් කමිටුව එකඟ වී ඇති බව වාර්තා වනවා.
අහමදාබාද්හි ලක්ෂයකට ආසන්න ජනකායක් ඉදිරිපිට නව වන රාත්‍රී දින රාත්‍රියේ පැවත්වීමට නියමිතව තිබූ ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගයට ආරක්ෂාව සැපයීම අපහසු බවට ප්‍රාදේශීය පොලීසිය මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර තිබුණා.
යෝජිත වෙනස්කම සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකඟ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඒ අනුව ඉන්දු පාකිස්තාන තරගය ඔක්තෝබර් මස 14වැනිදා අහමදාබාද් හීදී පැවත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අනුව,විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔක්තෝබර් මස 12වන දින අහමදාබාද්හි පැවත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - පාකිස්තාන තරගය ඔක්තෝබර් 10 වන දින අහමදාබාද්හීදීම පැවත්වීමටත් තීරණය කොට ඇති බවයි.
කෙසේවෙතත් නව තරග සැකස්ම තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිළ වශයෙන් නිවේදනය කොට නොමැත බවයි වාර්තා වන්නේ.