ලංකාවේ ක්‍රිකට් පිස්සන්ට සුබ ආරංචියක්..

By Sithumi Jul 10, 2023 05:10 PM GMT
Report

ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. 

 ආරම්භක SLT10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතයි .

ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසූ අතර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වනවා.

මෙම තරගාවලියට සමගාමීව කාන්තා T10 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 4ක් එක්වීමට නියමිතයි.