තියුණු තරඟයකින් විශිෂ්ට ජයක් - දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය ගැටුණු අද තරගයේ ජය තීරණය වුණේ මෙහෙමයි. (PHOTOS)
India
New Zealand Cricket Team
South Africa National Cricket Team
ICC World Cup 2023
By krishani
අද (01) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවතියේ ය.
එහිදී ලකුණු 190කින් ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 35යි පන්දු 3ක දී සියලු දෙනා දැවී ලකුණු 167ක් රැස් කළේ ය.
නවසීලන්තයට එරෙහිව ප්‍රබල පන්දු යැවීමක නිරත වූ Keshav Maharaj ලකුණු 46කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.
Marco Jansen ද නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් අසරණ කරමින් ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත් අතර Kagiso Rabada එක් කඩුල්ලක් දවාගත් අතර Gerald Coetzee කඩුලු 2ක් දවා ගත්තේ ය.






