ක්‍රිකට් සභාපතිගෙන් ජනපතිට විශේෂ ලිපියක්..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ලිපියක් යොමුකර තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට ලක්වී ඇති බවයි, එමගින් ඔහු පෙන්වාදී ඇත්තේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා සමග හමුවක් අවශ්‍ය බවද සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතද යොමුකර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතළ වංචා සහ දූෂණ චෝදනා හමුවේ ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇති බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඉල්ලා අස්වන ලෙස සමාජයෙන් පීඩනයක් එල්ලවෙමින් පවතින පසුබිමක ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශය වෙත පදනම් විරහිත සහ සාවද්‍ය චෝදනා එල්ල කරන බව ද අමාත්‍යවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙයි.