ටුවර් යන්න මිලියන 68ක් - කෝප් කමිටුව උණුසුම් කළ ක්‍රිකට් ගැටුම. - (VIDEO)
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By Wayomi
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ව තවත් දින 3ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට ඊයේ (14) තීරණය කරනු ලැබුවා.
ඒ අනුව මෙම මස 24, 27 සහ 28 යන දිනවල ක්‍රිකට් ආයතන බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ඇති.
ඊයේ (14) දිනයේදී කෝප් කමිටුව හමුවේ ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ රැසක් අනාවරණය වී තිබෙනවා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගණුදෙනු රජයේ ප්‍රසම්පාදන වැඩපිළිවෙලට යටත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා කෝප් කමිටුව හමුවේ පිළිගෙන තිබෙනවා.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේදී පැවති 20යි 20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ද කරුණු රැසක් හෙළි වුණා.
සම්පූර්ණ වීඩියෝ පහතින්,