මියගිය සමීපතමයින්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර ආභරණ හා සිහිවටන නිපදවන මෙරට කර්මාන්තශාලාව..
කටුනායක ආයෝජන කලාපයෙන් මියගිය සමීපතමයින්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර සිහිවටන නිපදවන කර්මාන්තශාලාවක් පිළිබඳව වාර්තා විය.
ශ්‍රී ලාංකික අපට තමන්ගේ සමීපතමයින් මියගිය පසු ඔවුන්ගේ භෂ්මාවශේෂ සදාකාලික සිහිවටනයක් ලෙස තබාගැනීම නුහුරු නුපුරුදු දෙයක්.
නමුත් මෙසේ මානව භෂ්මාවශේෂ තැන්පත් කරන ලද ආභරණ මෙන්ම සිහිවටන පැළඳීමට යුරෝපා ජාතිකයින් කැමැත්තක් දක්වති.
එවන් පසුබිමක RKS සමාගම මෙම වෙළඳපොළ අවස්ථාව හඳුනාගෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය.
ඒ මානව භෂ්මාවශේෂ තැන්පත් කරන ලද ආභරණ මෙන්ම සිහිවටන නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් ලෙසිනි.
මෙලෙස රන් සහ රිදී ස්වර්ණාභරණ හා සිහිවටන නිපදවන මෙම ආයතනය සිය නිෂ්පාදන කටයුතු සඳහා නැනෝ තාක්ෂණයද භාවිත කරන බව මෙම සමාගමේ සභාපති මෙන්ම කළමනාකරණ අධ්‍යක්ෂ රෝලන්ඩ් කාල් ෂොයිබර් මහතා පැවසුවේය.