ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණයට කන්න කලින් හිතන්නම ඕන දේවල්.

By Wayomi Sep 04, 2022 04:53 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අද ක්‍රෙඩිට් කාඩ් එකක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. මෙය ණය කාඩ් පතක් වුණත් ගොඩක් අයට ඒක පෙන්නේ ධන නිධානයක් විදිහට. ඒ නිසා තමන්ට හිතුමනාපේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරනවා. හැබැයි ඕන ඕන වෙලාවට එකෙන් කාලා,බීලා හිටියට වැඩි කාලයක් යන්න ඔබ ණයකාරයෙක් වෙන්න පුළුවන්. ඒ, නිසා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණය වෙන්න කලින් ආර්ථික විද්‍යාව ගැනත් දැනගෙන ඉන්නවා නම් හොඳයි. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ජොලි කරන්න කලින් මේ දේවල් ගැනත් අවබෝධයක් තියාගන්න.

💳 බැංකුවක් ණය කාඩ්පතක් නිකුත් කිරීමේදී ,ඒකෙන් වියදම් කළ හැකි මුදල් සීමාව තීරණය කරනවා. එවිට ඔවුන් ඔබේ ආදායමට වඩා වැඩි ණය සීමාවක්‌ ක්‍රෙඩිට් කාඩ් පතට ලබා දෙන්න පුළුවන්. හැබැයි ඒක නිධානයක් නෙවෙයි, නිඔබව විශාල ණය උගුලකට හිර කරන පිළියක්.

💳 ණය සීමාව වැඩි නිසාම වියදම් කිරීම ගා සිතේ තියෙන ආකල්පය වෙනස් වෙනවා. ඔබ ක්‍රෙඩිට් කාඩ් පතේ Limit එක ගැන හැමවෙලේම හිතන්නේ පර්ස් එකේ තියෙන සල්ලි මිටියක් වගෙයි.හැබැයි මතක තියාගන්න ණය කාඩ් පතේ Limit එක අනුන්ට ගෙවන්න තියෙන ණයකට සමාන බව. ඒ ණය මාසය අන්තිමට ගෙව්වේ නැතිවුණාම විශාල පොළියක් එකතු වෙනවා.

💳 ඇතැම් ආයතන වලින්ගනුදෙනු කිරීමේදී ණය කාඩ්පතට වට්ටම් ලැබෙන බව සමහරු කියනවා.හැබැයි මෙහිදී බොහෝ වෙලාවට සිදු වන්නේ, භාණ්ඩයේ හෝ සේවාවේ සැබෑ මිලට වට්ටම් එකතු කර එම වට්ටම පසුව අඩු කර පාරිභෝගිකයා මුලා කිරීමක් විතරයි.

💳 ඒ වගේම සෑම විටම ක්‍රෙඩිට් කාඩ් පතේ මාසික වාර්තාව පරික්ෂා කර බලන්න. මොකද බැංකුව ඔබට නොදන්නවා අසීමිත මුදලක් ඔබේ ණය ක්‍රෙඩිට් කාඩ් පතට එකතු කර තියෙන්න පුළුවන්. ගිවිසුම් පොළියට වඩා වැඩි පොළියක්, රක්ෂණ සඳහා මුදලක්, ගෙවීම් ප්‍රමාද කිරීමේ දඩ මුදලක් සහ වෙනත් බැංකු ගෙවීම් ඔබේ ගිණුමට එකතු කර තිබිය හැකියි.

💳 ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතට පොළියක් එකතු කළ හැකි වන්නේ ඔබ වියදම් කළ දිනයේ සිට එම වියදම් පියවන දිනය දක්වා පමණයි. ඒ නිසා වාර්ෂික පොළිය දින 365න් බෙදා එය අදාළ දින ගණනින් වැඩි කිරීමෙන් ඔබේ පොළිය සොයා ගන්න පුළුවන්.

💳 ඔබ යම් මිලදී ගැනීමේදී ඔබ ක්‍රෙඩිට් කාඩ්පත මිලදී ගැනීමේදී සමහර විට භාණ්ඩයේ මිලට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදුවෙයි. විශේෂයෙන්ම රන් භාණ්ඩ අලෙවිසැල් වල මේ තත්වය දකින්න ලැබෙනවා. මොකද ඔවුන් ක්‍රෙඩිට් කාඩ් පත් බැංකුවලට කිසියම් මුදල් ප්‍රමාණයක් ගෙවීමට බැඳී සිටිනවා. ඒ නිසා ඔවුන් එම මුදල පාරිභෝගිකයන්ගෙන් අය කරනවා.

💳 කිසිම අවස්ථාවකට ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ අංකය සහ එය කල් ඉකුත්වීමේ දිනය කිසිවෙකුටත් දැනගන්න ඉඩ තියන්න එපා. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පතේ ණය සීමාව ගැනත් කාටවත් කියන්න එපා. මොකද ඔබේ එම කාඩ්පතේ අංකය යොදාගෙන ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන්න පුළුවන්.

💳 ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පතෙන් ගනුදෙනු කරන සෑම වෙලාවකම ඔබේ අත්සන නිවැරදිව එම වෙළඳ පිටපතේ තබන්න අමතක කරන්න එපා. මොකද ඔබ කරන වියදම් වල සාක්ෂි එහි සටහන් වන නිසයි. එමෙන්ම කිසි විටෙක customer slip එක විසිකර දමන්න එපා. මොකද එහි ඔබේ කාඩ්පත් අංකය සටහන් වී තිබිය හැකියි.

💳 ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත හදිසියේ හෝ අස්ථාන ගත වුණොත් හෝ වෙනත් අයෙකුගේ අතට පත් වුණොත් වහාම බැංකුවට දන්වා කාඩ්පත අක්‍රීය කරන්න. එය නැවත ලැබුණොත් බැංකුවට ගිහින් යළි සක්‍රීය කරගන්න පුළුවන්. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW