Creadit Card පොලිය ඉහළ දැමේ..! මෙරට බැංකු කිහිපයකින් ගත් විශේෂ තීරණය
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් සිය ණය පත් (Credit Cards) සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව වාර්තා වනවා.
ඒ 30%ක් තරම් වූ පොලී අනුපාතිකයකින්. කෙසේ නමුත් පසුගිය අප්‍රෙල් අට වැනි දා ණය පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කළා.
අදාළ තීරණයෙන් පසු 18%ක්ව පැවති ණය පත් පොලී අනුපාතිකය 24%ක් දක්වා ඉහළ ගියා. නමුත් මේ වන විට එය 30%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව මෙරට භාවිතයේ පවතින සක්‍රීය ණය පත් ප්‍රමාණය 1,973,481ක් ලෙස දැක්වෙන අතර අදාළ ණය පත්වලින් පසුගිය අප්‍රෙල් මාසය වන විට රුපියල් මිලියන 138,192ක මුදලක් අය විය යුතුව තිබුණා.
තව ද මේ වසරේ මුල් මාස හතර තුළ දී මෙරට සක්‍රීය ණය පත් ප්‍රමාණය 46,286කින් ඉහළ ගොස් තිබෙනවා. එසේ ම අදාළ ණය පත් වෙනුවෙන් ගෙවිය යුතු වූ මුළු හිඟ මුදල රුපියල් මිලියන 4,907කින් ඉහළ ගොස් තිබුණා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |