ඛනිජ තෙල් සේවකයන්ට තහංචියක්

Ceylon Petroleum Corporation Sri Lanka
By Sewvandhi Oct 24, 2022 09:22 AM GMT
Report

මින් ඉදිරියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා මානව සම්පත් හා පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා විසින් නියම කර තිබේ.

සංස්ථාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දී සේවක රැස්වීම පැවැත්වීම රාජකාරී වේලාව තුළ සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පූර්ණ තහනම් බව ඔහු සදහන් කර ඇත.

සාමූහිකව හා කුඩා කණ්ඩායම් රැස්වීම හේතුවෙන් රාජකාරියට බාධාවක් වෙනවා නම් අංශ ප්‍රධානියා විසින් ඒ බව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතු බව ද ඔහු සඳහන් කරයි. හදිසි රැස්වීම් විසිරවීමට ආරක්ෂක අංශයට බලතල ඇත. 

ආරක්ෂක අංශයට එය පාලනය කළ නොහැකි නම් පොලිස් ස්ථානය දැනුවත් කර අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද ඔහු සඳහන් කරයි. ඛනිජ තෙල් නිෂ්පාදනය ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now