කොවිඩ් මරණ සීග්‍රයෙන් වැඩි වෙයි - අද දවසේ වාර්තාව

COVID-19 COVID-19 Vaccine Sri Lanka
By Sewvandhi Aug 10, 2022 11:11 AM GMT
Report

තවත් කොරෝනා ආසාදිත මරණ 9ක් (ඊයේ සිදුවූ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද තහවුරු කළා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16594ක් වනවා.

එමෙන්ම මෙරට මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණනද 667158ක් වනවා.

ගතවූ පැය 24 ක කාලසීමාව තුළ COVID 19 රෝගීන් 214 වාර්තා වී තිබෙන අතර COVID 19 මරණ හයක් වාර්තා තිබෙනවා. ඊට පෙර පැය 24 ක කාල සීමාව හා සසඳන විට මෙය වැඩිවීමක් පෙන්නුම් කරයි,මෙයින් පෙන්නුම් කරන්නේ යම් සුළු ප්‍රමාණයකින් හෝ රෝගීන් සහ මරණ සංඛ්‍යාව වැඩි වීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසනවා. 

 covid 19 නිසා සිදුවන මරණ වලින් 80% සිදුවන්නේ 60 ට වැඩි සහ දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන අයත් ඒ අතර එන්නත් මාත්‍රාන් නිවරදිව ලබා නොගත් අයයි. COVID 19 booster එන්නත මේ දිනවල සියලුම සෞඛ්‍ය නිලධාරි කාර්යාල වලත් ඒ ඒ පළාත්වල සියලුම රෝහල් වලිනුත් ලබාගත හැකි වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now