සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග

Sri Lanka Politician Wimal Weerawansa Law and Order Latest Headlines Sinhala news
By R.rishma Jul 28, 2026 07:03 AM GMT
Report

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා කෙරෙන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් පසුගිය 15 වැනිදා සරත් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.