ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ, ඝාතකයින්ට ලැබුණු දඬුවම්..

Sri Lanka Police Crime Prisons in Sri Lanka Murder
By Sewvandhi Jul 30, 2024 12:44 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින්, ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකුට, මරණ දඬුවම් නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් සිව්දෙනෙකුට ය.

2013 වසරේ ඔරුගොඩවත්ත සාන්තවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා එල්ල වී තිබුණි.

මේ අතර, නඩුවේ 2 වැනි විත්තිකරු නඩු විභාගය අතරතුරදී මිය ගිය ගොස් තිබේ. 6 වැනි විත්තිකරුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුවෙන් නිදහස් කෙරුණි.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 4ක් යටතේ 2017දී නඩු පවරා චෝදනා ගොනුකර තිබුණි.

නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බව ප්‍රකාශ කරමින් විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළේය.

පොහොට්ටු රැස්වීමේ තීරණයට 61 සහය දෙයි - කවුරුත් බලා සිටි තීරණය ලැබෙන දිනය..

පොහොට්ටු රැස්වීමේ තීරණයට 61 සහය දෙයි - කවුරුත් බලා සිටි තීරණය ලැබෙන දිනය..

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%