ජය ශ්‍රී තහනම ගැන අලුත්ම තීරණය - "මොඩ් ගොවියා"ට මොකද වෙන්නේ..?

Colombo court Jayasri Mid Goviya Sundariye Musuc Band
By Sewvandhi Jan 27, 2022 01:45 PM GMT
Report

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 23 වනදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වන වග උත්තරකාර රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන අයට නියෝගයක් නිකුත් කෙරුණි.

ඒ අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now