දරුවන් 66ක් මරු තුරුලට යැවූ පැණිය අත්හිටුවයි..

India
By Aruna Oct 13, 2022 02:16 AM GMT
Report

මතභේදාත්මක කැස්ස පැණිය නිෂ්පාදනය කිරිම සම්පූර්ණයෙන් අත්හිටුවන්නැයි ඉන්දිය බලධාරීන් අදාළ නිෂ්පාදන සමාගමට නියෝග කර තිබෙනවා.

හර්යානා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රාන්ත රජය විසින් අදාළ සමාගමට එම නියෝගය නිකුත් කර ඇති බවයි.

එමෙන්ම මධ්‍යම සහ ප්‍රාන්ත රජයේ ඖෂධ දෙපාර්තමේන්තු කණ්ඩායම් විසින් සිදුකළ ඒකාබද්ධ පරීක්ෂණයකදී ඖෂධ නිෂ්පාදනයේ දෝෂ සහගත තත්ත්වයන් 12 ක් සොයා ගැනුණු බව ප්‍රාන්ත රජය අදාළ සමාගමට මේවනවිටත් දැනුම් දී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියානු ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදිත කැස්ස පැණියක් හේතුවෙන් ගැම්බියාවේ දරුවන් පිරිසක් මියගිය බවට වාර්තා පළවීමත් සමගයි මෙම අර්බුධකාරී තත්ත්වය උද්ගත වුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...
Join now