නොපෙනෙන දෑස් වලට පෙනීම ලබාදෙන නව කෝර්නියා පරීක්ෂණය. (VIDEO)

Eye Problems
By Wayomi Aug 17, 2022 04:30 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දවසින් දවස ලෝකයේ කොහේ හෝ නව සොයාගැනිමක්, නව නිපැයුමක් බිහි වෙනමයි. ඉතින් මේ කියන්න යන්නෙත් එවැනි නව සොයාගැනීමක් ගැනයි.

?️ ස්විඩනයේ Linköping විශ්ව විද්‍යාලයේ සහ ස්විඩනයේ Link Care Life Sciences හි පර්යේෂණ කණ්ඩායමක් එක්ව සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස, ඌරන්ගේ සමෙන් ලබාගත් “Collagen” අණු උපයෝගී කර ගනිමින් මිනිස් ඇසේ පවතින කෝර්නියා (Cornea) වලට සමාන ජෛව ඉංජිනේරුමය කෘතිම කෝර්නියා නිපදවා තිබෙනවා.

?️ පසුව එසේ නිපදවූ කෝර්නියා මෙතෙක් දෘශ්‍යාබාධිතව සිටි පුද්ගලයන් 14 දෙනෙකුට බද්ධ කිරීමෙන් පසු ඔවුන්ගේ පෙනීම යථා තත්වයට පත් වී ඇති බව වාර්තා වේ.

?️ ඇසේ පවතින කෝර්නියා යනු ඇසේ විනිවිද පෙනෙන කොටස වන අතර එය අයිරිස් සහ කාච ආවරණය කරයි.

?️ එමඟින් අපට පෙනීමට හැකිවන පරිදි ආලෝකය වර්තනය කිරීම සිදු කර දෙනු ලබනවා.

?️ ඒ අණුව තම පර්යේෂණය පිළිබඳව අදහස් පළ කරන විද්‍යාඥයන් පිරිස කියා සිටිනුයේ ඒවා නිපදවීම සඳහා යොදාගත් ඌරු සම, ඌරු මස් කර්මාන්තයේ අතුරු ඵලයක් වන බැවින් එය පහසුවෙන් ලබාගත හැකි අඩු වියදම් ද්‍රව්‍යයක් වන බවත්, ඒවා හරහා එලෙස නිපදවන කෝර්නියා වසර 2 ක පමණ කාලයක් සුරක්ෂිතව ගබඩා කර තබා ගත හැකි බවයි.

?️ සාමාන්‍යයෙන් කෝර්නියා බද්ධ කිරීම යනු මිළ අධික සැත්කම් ක්‍රමවේදයක්.

?️ නමුත් එම නව නිපැයුම ධනවත් පුද්ගලයන් පමණක් සීමා නොවී ලොවපුරා රටවල විවිධ සමාජ මට්ටම් වල වෙසෙමින් ජීවත් වන දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් දැරිය හැකි සාධාරණ මිළකට ලබාදීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව වන බවද ප්‍රකාශ කර තිබෙනවා.

?️ තවද, කෝර්නියා බද්ධ කිරීම් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ පරිත්‍යාග කරන ලද සැබෑ මිනිස් කෝර්නියා වලින් වන අතර ඒවා පහසුවෙන් ලබා ගන්න බැහැ.

?️ එයට විසඳුමක් ලෙස මෙම ක්‍රමය ඉතා සාර්ථක වනු ඇති බවත්, අඳාළ බද්ධ කිරීම සඳහා ඇසේ කුඩා කැපුමක් පමණක් සිදු කළයුතු අතර, එය ලේසර් කිරණ උපයෝගී කර ගනිමින් සිදු කළ හැකි ඉතා පහසු සැත්කමක් වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGallery