කොස් ඇට cookies රෙසිපි.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 07, 2022 11:21 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කොස් ඇට වලින් අග්ගලා කාලා තියෙනවා නේද?හැබැයි ඔන්න අද කොස් ඇට වලින් ඊටත් වඩා රස කෑමක් හදන්නයි යන්නේ. කොස් ඇට cookies..

අවශ්‍ය ද්‍රව්‍ය

? කොස් ඇට 6

?පාන් පිටි කෝප්ප 1

?ගාගත් වියළි පොල් කෝප්ප 1කට පොඩ්ඩක් අඩුවෙන්

?සීනි හැදි 5 ( සීනි පවුඩර් නම් හොඳයි)

? බටර්/ පොල්තෙල් (පොල්තෙල් හදි 5)

?චොකලට් බිස්කට් 2

සාදාගන්න ආකාරය

? සීනි පවුඩර්, තෙල් හෝ බටර් එක්ක හොඳින් කලවම් කරගන්න. (බීට් කරන්න) ක්‍රීම් එක වගේ වෙනකල්.

? දැන් පිටි ටික සහ වියලි පොල් එකතුකරගන්න.

? බේකිං පවුඩර් ස්වල්පයක් සහ ලුණු ඉතා ස්වල්පයක් කොස් ඇට තම්බා පිටිවෙනතුරු පොඩිකරගෙන එකත් දාගන්න.

? දැන් ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න.

? චොකලට් බිස්කට් එකත් කුඩා කෑලිවලට කඩල දාන්න.

? කිරි පොඩ්ඩකුත් දාන්න අතේ නොඇලෙන ගානට වගේ බෝලෙ වගේ අනාගන්න.

? කුඩා බෝල හදල බිස්කට් එක වගේ පැතලි කර ගාගත් අමුපොල් වලින් තවරන්න.

? අවන් එකේ තැටියෙ පිටි ගාල. 180’C වල විනාඩි 35ක් වගේ බේක් කරගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW