ප්‍රධාන පලාතක විභාගයක් ගැන ආන්දෝලනාත්මක සිදුවීමක්..ගුරුවරුන්ටත් ප්‍රශ්නයක් වෙයි..
Ministry of Education
Department of Examinations Sri Lanka
Education
By Aruna
උතුරු මැද පළාතේ දමිළ මාධ්‍ය හදාරන සිසුන්ට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු තිබීම හේතුවෙන් සිසුන් දැඩි පීඩාවට පත්ව තිබෙන බව වාර්තා වනවා.
මේ දිනවල උතුරු මැද පළාතේ පාසල්වල අවසන් වාර පරීක්‍ෂණය පැවැත්වෙන අතර එහිදී 06 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දමිළ මාධ්‍ය හදාරන සිසුන්ට ලබාදුන් ගණිත ප්‍රශ්න පත්‍රයක මෙලෙස අඩුපාඩු පැවත තිබේ.
දමිළ මාධ්‍යයෙන් හදාරන සිසුන්ට ලැබී ඇත්තේ අඩුපාඩු සහිත තමන්ට පවා තේරුම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බවයි, එම පලාතේ බොහෝ ගුරුවරුන් පවසා සිටින්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ් සමරකෝන් මහතා සඳහන් කළේ.