රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබන මස 01 වැනිදා ඇරඹේ
Economy of Sri Lanka
Highways In Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා අදියරේ ඉදිකිරීම් කටයුතු ලබන මස පළමුවැනිදා ආරම්භ කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අදාළ ඉදිකිරීම් කටයුතු වසර තුනක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය සඳහා විදේශීය අරමුදල් වෙනුවට දේශීය අරමුදල් යොදාගනිමින්, දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.