නව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලැබුණ විශේෂ අනුමැතිය..

Sri Lanka Police
By krishani Dec 01, 2023 11:17 AM GMT
Report

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දැනුම් දී ය.

නව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලැබුණ විශේෂ අනුමැතිය.. | Constituent Assembly Approves Deshabandhu Tennakon

ඒ මහතාව පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ධුරයට පත් කෙරුණේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි.

වැඩබලන නව පොලිස්පති වැඩ අරඹයි.

වැඩබලන නව පොලිස්පති වැඩ අරඹයි.


ඒ අනුව 2023.11.29 වනදා සිට මාස 03ක කාලයක් සඳහා අදාළ පත්කිරීම සිදුකර ඇත.

කෙසේ වෙතත්, ඉකුත් 25 වනදා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙතෙක් පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා දැනුම් දී දුන් බවට මින් පෙර පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ඒ සිව්වන වරටත් ඔහුට ලබාදුන් සේවා දිගුව අවසන්වීම සැලකිල්ලට ගනිමින් ය.

මේ අතර පසුගිය මාර්තු මස 25 වනදා .ඩී. වික්‍රමරත්න මහතාට සිය පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ ය.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබා දුන්නේ ය.

එම කාලය අවසන් වූ පසු ජූලි මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදී තවත් මාස 3ක සේවා දිගුවක් ඒ මහතාට ලැබූණේ ය.

පසුගිය ඔක්තෝබර් 13 වෙනිදා තෙවන වරට තවත් සති 3ක සේවා දිගුවක් සී.ඩී. වික්‍රමරත්න මහතාට ලැබිණ.

සිව්වන වරට ලබාදුන් සේවා දිගුව, නොවැම්බර් මස 3 වනදා සිට (24) වන  දිනය දක්වා ක්‍රියාත්මක විය.

වැඩිදුර තොරතුරු පහතින්,

පොලිස්පති එකවරම ගත් තීරණය?..

පොලිස්පති එකවරම ගත් තීරණය?..