දුවගේ අවුරුද්දේ දානයට ගෙදර එන්න ගිය සනත් ගේ ආරක්ෂක නිලධාරියාට නොසිතූ ලෙස දිවි අහිමි වූ හැටි.
අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමඟ වාහනයේ ගමන් ගත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වුණා.
එලෙස මියගියේ, 43 හැවිරිදි මහව ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් අනුුරාධ ජයකොඩි යන අයයි.
ඔහු අවසන් වරට අනතුර සිදුවීමට පෙර දා රාත්‍රී 11 පමණ ඇගේ බිරිඳට ඇමතුමක් ගෙන තිබෙනවා.
වෘත්තියෙන් හෙද නිලධාරිනියක් වුණ ඇගේ බිරිඳ එම අවස්ථාවේ රෝහලේ රාජකාරී කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ආරක්ෂක ලෙස සේවය කිරීමට පටන්ගෙන ඇත්තේ මීට වසර 7කට පෙර සිට වන අතර ඔහුගේ අවසන් කටයුතු හෙට හෑදෙණිය මරවනාගොඩ ප්‍රදේශයේ දී සිදු කිරීමට නියමිතයි.
කොස්තාපල්වරයා මරණය පිළිබඳ ඔහුගේ මස්සිනා දැක්වූ අදහස්,
"මීට අවුරුද්දකට කලින් මිය ගිය දුවගේ දානයට සහභාගි වෙන්න ලබන සතියේ එනවා කියලා තමයි අයියා පෙරේදා ගෙදරින් ගියේ.. දැන් අවුරුදු 07ක් විතරම අයියා සනත් නිශාන්ත ඇමැතිතුමා ළඟ තමයි සේවය කළේ. එදා රෑ 11ට විතර අයියා අක්කට කතා කරලා තියෙනවා.. ඒ වෙලාවේ අක්කා රෝහලේ වැඩ කරමින් තමයි ඉදලා තියෙන්නේ. මේ වගේ දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ.. අයියා කා එක්කත් සහෝදරත්වයෙන් සමගියෙන් හිටි කෙනෙක්.. එයා හරිම හොඳ කෙනෙක්.. පොඩි දුව වයස මාස 10ක් වෙද්දී හදිසියේ මිය ගියා.. ලොකු පුතාට දැන් අවුරුදු 11ක්.. මේ පාර ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්නවා.. අක්කා හෙද නිලධාරිනියක් විදිහට සේවය කරනවා.. නිවාඩු ඇවිත් අයියා දවස් කිහිපයක් ගෙදර ඉඳලා පහුගිය 23දා තමයි වැඩට ගියේ.. දුවගේ දානෙට තව සතියක් තියෙන්නේ.. ඒකට නිවාඩු අරගෙන එනවා කියලා ගිය කෙනා තමයි මේ විදිහට අපිව දාලා ගියේ.."