දැන් සමථ මණ්ඩලයේ ගැටළුවලට ඉක්මනින් විසඳුම්.

Dr Wijeyadasa Rajapakshe Government Of Sri Lanka
By Gagana Feb 17, 2024 11:44 AM GMT
Report

සමථ මණ්ඩලය සඳහා යොමු වන පැමිණිලිවලින් මේ වන විට 70%කට පමණ විසඳුම් ලබා දෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ සමථ මණ්ඩල කටයුතු වෙනුවෙන් ලබාදෙන පහසුකම් ලබා ගනිමින් එම ක්‍රමය තවදුරටත් ජනතාව අතර ව්‍යාප්ත කිරීමට සහාය වන ලෙසයි.

එසේම මේ වන විට සිදුව ඇති නඩු ප්‍රමාදය අවම කිරීමට ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙන බවයි ඔහු සඳහන් කළේ.