මෙරට පරිගණක පද්ධතියක් ගැන දැඩි තීරණයක් ගනී.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka
By Wayomi Mar 17, 2024 11:00 AM GMT
Report

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට බාල බෙහෙත් රජයේ රෝහල් වලට සැපයු බව කියන සිද්ධියේදී වෛද්‍ය සැපයුම් අංශයේ පරිගණක පද්ධතියේ තිබු දත්ත වෙනස් කර ඇද්ද? යන්න සෙවීම සඳහා රජයේ රස පරීක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කණ්ඩායමක් විමර්ශන සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව රජයේ රෝහල් වලට බාල බෙහෙත් සැපයු බව කියන සමයේ සපයා ඇති ඖෂධ 187කට අදාළ තොරතුරු හෙළි කර ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයේ ස්ථාපිත කර තිබු ‘ෆොන්ටෝ’ පරිගණක පද්ධතිය මෙම විශේෂඥ කණ්ඩායමේ පරීක්‍ෂාවට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තා කිරීමට විශේඥ කණ්ඩායමක් පත් කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කළ නියෝගයකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමෙන්තුවේ සහකාර රස පරීක්‍ෂක දිනේෂ් උඩංගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායමට පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයේ නිලධාරීන්” වෛද්‍ය සැපයුම් අංශයට ‘ෆොන්ටෝ’ පරිගණක පද්ධතිය ස්ථාපනය කරනු ලැබු ‘ඊවිස්ට්’ පරිගණක ආයතයේ විශේෂඥ දැනුමැති නිලධාරීන්” රහස් පොලිසියට අනුයුක්ත විශේෂඥ දැනුමැති නිලධාරීන්” ඇතුලත් බව සඳහන්.