සන්නිවේදනය කියන්නේ පොතට විතරක් සීමා වූ පාඩමක් ද?

By Wayomi Jul 14, 2022 05:24 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සන්නිවේදනය කියන්නේ පොතේ පාඩමක් නෙවෙයි. ඇත්තටම ඒක ජීවිත කාලයටම අත්‍යවශ්‍ය අංගයක්. ආහාර, ජලය වගේ තමා. අපි මිනිසුන් එක්ක හෝ වේවා සතුන් එක්ක හෝ වේවා ජීවත් වෙන්න නම් පිළිම වගේ ඉන්න බෑ. ඔවුන් සමඟ තමා ජීවිත කාලයම ගනුදෙනු කරන්නේ. හරියටම කියනවා නම් මේක ස්වභාවික සංසිද්ධියක්.

අපිට කෙනෙකුට කියන්න අවශ්‍ය පණිවිඩය වාචිකව, අවාචිකව, දෘශ්‍ය හෝ ලිඛිත යන මාර්ග වලින් කරන්න පුළුවන්. සන්නිවේදනයේදී සන්නිවේදනය කරන පණිවිඩය ඒ විදිහටම අනෙක් කෙනා වටහා ගන්නවද? නැතිනම් එය වෙනස් වෙනවාද ? යන්න, පණිවිඩය යවන්නා , එය ලබන්නා , යවනු ලබන මාධ්‍යය මත තමයි තීරණය වෙන්නේ. ඔබ කවුරු සමඟ මොන විදිහ සන්නිවේදනය කළත් එය කිරීමේදී, පණිවිඩයේ සම්පූර්ණ බව, තොරතුරුවල නිවැරදි බව, ආචාරශීලීභාවය, පැහැදිලිකම, ස්ථාවරබව, සැලකිලිමත්බව සහ කෙටි බව ගැන අවබෝධය තියෙන්න ඕන.

හොඳ සන්නිවේදකයෙකු වීමට නම් ඔබ සතුව මේ දේවල් තියෙන්න ඕන,  

? අනෙක් අයව හොඳින් තේරුම් අරන් අවබෝධයෙන් කටයුතු කරන්න නම් ඔබ හොඳින් සවන් දෙන්නෙක් විය යුතුයි.

? ඒ වගේම නිතරම අනෙක් අය සමඟ මිත්‍රශීලීව හා ගෞරවාන්විතව කතාබහ කරන්න පුරුදු වන්න.

? ඔබේ ඉදිරිපත්කිරීම විශ්වාසවන්තව කරන්න. එවිට අනෙක් අයටත් ඒ විශ්වාසවන්ත බව දැනෙනවා. මේ විශ්වාසවන්ත බව ප්‍රකාශ වන්නේ ඔබේ ශරීර ඉරියව් වලින්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වන්න.

? සවන්දෙන්නන්ද සම්බන්ධ කරගන්න. සාකච්ඡා කළ දෙය ගැන අනෙක් පාර්ශවයේ අදහස් දැක්වීමට ඔවුන් දිරිගන්වන්න. ඔවුන් පෙන්වන අඩුලුහුඩුකම් තියෙනවා නම් ඒ දේවල් නිවැරදි කරගන්න.

? ඔබට අනිකාට සන්නිවේදනය කිරීමට ඇතිදෙය, මුලින්ම ඔබ හොඳින් තේරුම් ගන්න. පැහැදිලිව ගලපාගන්න. එම පණිවිඩය දෙන්න කලින් එහි නිවැරදිභාවය ගැන කිහිප සැරයක්ම හිතන්න.

? ඒ වගේම අනෙක් අය ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද? ඔවුන් කුමන ආකාරයේ ප්‍රශ්න අසනු ඇතිද? ඔවුන් ඇසිය හැකි ඕනෑම ප්‍රශ්නයකට හෝ අදහස් දැක්වීමකට ඔබ සූදානම් වෙන්න ඕන.

? ඔබ ලබාදෙන පණිවිඩය අනෙක් අයට ආකර්ෂණිය වන ආකාරයට ඉදිරිපත් කරන්න. - ඉදිරිපත් කිරීම කරනවිට සන්සුන්ව, මාතෘකාවට අදාලව කරුණු දක්වන්න .  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW