අද රෑ කොළඹ ප්‍රදේශ රැසකට වෙන දේ මෙන්න.. මෙම ප්‍රදේශ වල ජනතාව සූදානමින් සිටින්න..

Sri Lanka Colombo Water cut
By Aruna Mar 05, 2022 02:34 AM GMT
Report

කොළඹ ප්‍රදේශ රැසකට අද (5) රාත්‍රී 8 සිට ඉරිදා (6) පෙරවරු 10.00දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව එම කාලය තුළ

කොළඹ 07

කොළඹ 08

කොළඹ 10

කොළඹ 12

කොළඹ 13

කොළඹ 14

කොළඹ 15

යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර

කොළඹ 02

කොළඹ 03

කොළඹ 11

ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් ලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතුව දක්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now