පාපැදිකරුවන් සඳහා සුබ පණිවිඩයක්..

Colombo Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 29, 2022 03:38 AM GMT
Report

පාපැදි භාවිතය ඉහළ යෑම හමුවේ පාපැදිකරුවන් සඳහා වෙනම මං තීරුවක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය අද (29) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු යොදා තිබෙන අතර අද පෙරවරු 11 ට බැංකු මාවත ඉදිරිපිටින් එය ආරම්භ වේ.

කෙසේවෙතත් මේ වනවිටත් බැංකු මාවතේ පාපැදි සඳහා මං තීරු වෙන් කිරීම සිදුකර ඇති නමුත් ඊට සමගාමීව පාපැදි ආරක්ෂිතව රඳවා තැබීමට ස්ථාන වෙන් කිරීම මෙන්ම නියමු ව්‍යාපෘතිය තුළ බැංකු මාවතට අමතරව කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේද අද සිට පාපැදි මංතීරුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join