කොළඹ කොටුවේ අහස උසට නැගුණු මොකක්ද මේ පාළුවට ගිය මෙම ගොඩනැගිල්ල

Colombo
By Sithumini Jul 22, 2024 04:09 PM GMT
Report


දකුණු ආසියාවේ උසින් වැඩි ගොඩනැගිලි අතර එකක් ලෙසත් ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙසත් ඉදිකිරීමට නියමිත වූ මෙම ගොඩනැගිල්ල ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමේ සමාගම් නාමය යටතේ ඉදිකිරීම් ආරම්භ වුණේ 2016 වර්ෂයේ දී මහල් 89 කින් යුත් මීටර් 373 උසට නැගී සිටින The one කුළුණ ඉදිකිරීමට නියමිත කුළුණු ත්‍රිත්වය අතරින් උසම කුළුණ වෙනවා

රිට්ස් කාල්ටන් රේසීඩන්ස් කුළුණ මහල් 72 කින් සමන්විත වන අතර එහි උස මීටර් 306 ක් එහි කාර්යාල සහ නිවාස සුඛෝපභෝගී සිල්ලර වෙළඳ සංකීර්ණය බහුමාල් රථ ගාලක් උත්සවශාලා ස්කයි බාර් ඇතුළු භෝජනාගාර වලින් සමන්විත වේ


තට්ටු 74 යුත් මීටර් 300ක් උසැති තුන්වන කුළුණ JW MARRIOTT හෝටල් පුළුවන් ලෙස එම සැලසුමේ නම්කොට තිබෙනවා

ඉන්දියාවේ ක්‍රිශ් සමාගමේ ආයෝජනයක් වූ මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට නියමිතව තිබූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 650කට අධිකයි.

ව්‍යාපෘතියේ පළමු අදියර 2021 දෙසැම්බර් වන විට අවසන් කිරීමට නියමිතව තිබූ අතර සම්පූර්ණ ව්‍යාපෘතිය 2023 අවසාන වන විට නිම කිරීමට ඉලක්ක කර තිබුණා ඒ අනුව මෙම ව්‍යාපෘතිය ලෝකයේ මෙවැනි ආකාරයේ ව්‍යාපෘති අතරින් 10 වෙනි විශාලතම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ලෙසත් කොළඹ චැතම් වීදිය යෝක් විදිය හා ලෝටස් පාරට මායිම්ව වසර දෙසීයක් පමණ පැරණි කොළඹ ඓතිහාසික ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ ඉදිකිරීම් ආරම්භ විය මෙම ඉදිකිරීම වෙනුවෙන් කොළඹ කොටුවේ හදවත බඳු වූ ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයෙහි අක්කර 4 කුත් පර්චස් 37.10 ක් ඉන්දියානු ක්‍රිෂ් සමාගම් සමූහයට බදු පදනම මත ලබා දී තිබෙනවා පැරන් ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල කඩා ඉවත් නොකර නවීන පහසුකම් වලින් යුක්ත හෝටලයක් බවටපත්කිරීමට සැලසුම් කර තිබුණා

කෙසේ වෙතත් ගොඩනැඟිල්ලේ කටයුතු ඉදිරියට කරගෙන ගියත් ආරම්භයේ සිටම ආන්දෝලානාත්මක පුවත් මැවූ ක්‍රිෂ් ව්‍යාපෘතිය අවාසනාවන්ත ලෙස 2018 වර්ෂයේ අවසාන කාලය වන විට මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා තිබෙනවා

මෙසේ වැඩ නතර වුණු දකුණු ආසියාවේ උසින් වැඩිම කොන්ක්‍රීට් සැකිල්ලේ නිවාස ඒකක ඒ වෙනකොටත් ව්‍යාපාරිකයන් සහ සමාගම් සැලකිය යුතු ප්‍රමාණයක් මිලට ගෙන ඇති බවත් වාර්තා වෙනවා මේ සඳහා සම්බන්ධ වූ පළමු චීන කොන්ත්‍රාත් සමාගමට ඔවුන් මෙම ඉදිකිරීම් වෙනුවෙන් ලබාදුන් ණය මුදල සඳහා ඉදිවන ගොඩනැගිල්ලේ apartments කීපයක් ලබාදීමට තීරණය කර තිබුණු බවත් අනිත් කොන්ත්‍රාත් සමාගම තමන්ගේ සේවාවන් වෙනුවෙන් තමන්ට ලැබිය යුතු හිඟ මුදල් ලබා ගැනීමට මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත් වාර්තා වෙනවා

නඩුව හේතුවෙන් මේ වන විට ව්‍යාපෘතියේ දේපළ තහනම් කර ඇති බවත් ගැනුම්කරුවන් හට නියමිත කලට වැඩ අවසන් නොකර දේපළ බාර නොදීම හේතුවෙන්ද තවත් අර්බුද රැසක් මතුවී ඇති බවටත් කරුණු හෙළි වෙනවා කෙසේ වෙතත් 2019න් පසු කිසිදු ඉදිකිරීමක් මෙම භූමියේ සිදු කර නැහැ

මෙවැනි නෛතිකමය කාරණා සහ මූල්‍යමය අර්බුද හේතුවෙන් දකුණු ආසියාවේ උසම බිල්ඩිම ලෙස ඉදිකර අවසන් වීමට තිබූ මෙම ගොඩනැගිල්ල මේ වන විට අත්හැර දමා ඇති ගොඩනැගිල්ලක් මේ හේතුවෙන් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ආශ්‍රිත ප්‍රදේශය මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බව වත්මන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමන්ගේ අවධානයට ලක්ව තිබුණා

ඒ අනුව ආයෝජකයා සමග සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නිශ්චිත කාල රාමුවක් තුළ නැවත ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ඇමතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා නාගරික සංවර්ධන අධිකාරිය සමග ඇතිකරගෙන ඇති ගිවිසුමට අනුව නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමට අපොහොසත් වූ ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතිය යළි ඇරැඹීම සඳහා ලංකා රජය භාරගෙන ඇති බව වත්මන් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සඳහන් කර තිබුණා.

මෙම දිලිසෙන වීදුරු ගොඩනැගිලි තුන නිසැකවම ශ්‍රී ලංකාවේ සුවිශේෂී සන්ධිස්ථානයන් පසුකර යාවී යැයි අපේක්ෂා කළද මේ සුවිසල් සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම් ආරම්භ කර වසර 8 ක් ගතවී යන විටත් කොළඹ හදවතේ නටබුන් ගොඩනැගිල්ලක් වීම කණගාටුවට කරුණකි.