කොළබ මහපාරක ත්‍රිරෝද රථ රියදුරු ඝාතනය ගැන හෙළිවූ භයානක සුලමුල..

Crime Branch Criminal Investigation Department Crime Murder
By Sithumini Jul 27, 2024 11:17 AM GMT
Report

. කොළඹ වෝඩ් පෙදෙස කළඹමින් පසුගියදා ත්‍රිරෝද රථ රියදුරෙක් ඝාතනය කිරීමේ සිද්දිය මුළුමහත් ලංකාවෙම කතා බහට ලක්වුණා.

කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයා ගැනුණේ පසුගිය 23වනදායි.

සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින්මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණේ රෝද රථ රියදුරුගේ ජංගම දුරකථනය කොල්ලකෑම සඳහා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

තියුණු ආයුධයකින් පහරදී අදාළ ඝාතනය සිදුකර තිබුණා.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී සැකක්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ සීසීටීවී දර්ශන ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

ඉන් එක් සැකකරුවකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබුණා.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්ලදී අනාවරණ වී ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් සොයාගැනීම සඳහා පුරුද්දක් ලෙස තමන් කොල්ලකෑම් සිදුකරන බවයි.