කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

Sri Lanka Police Colombo Department of Motor Vehicles Sinhala news Traffic Jam
By R.rishma Sep 12, 2026 09:30 AM GMT
Report

"Colombo Marathon 2026" ජාත්‍යන්තර මැරතන් තරගය වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇති අතර, ඒ අනුව හෙට එනම් ඉරිදා (13) උදෑසන 6.00 සිට මාර්ග කිහිපයක රථවාහන ගමනාගමන සීමා පැනවීමට නියමිතය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන පරිදි, මෙම මැරතන් තරගය උදෑසන 6.00ට ජාතික ක්‍රීඩා අධිකාරි (NSA) පරිශ්‍රයෙන් ආරම්භ වී කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් (Marine Drive) හරහා ගාලු මුවදොර (Galle Face) දෙසට ගමන් කරනු ඇත.

තරගය පැවැත්වෙන මාර්ග ඔස්සේ උදෑසන 6.00 සිට 10.00 දක්වා රථවාහන ගමනාගමන සීමා ක්‍රියාත්මක කෙරෙන අතර, රථවාහන පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙස රියදුරන්ට දැනුම් දී තිබේ. 

තෙල් මිල ඉහළ යෑම ගැන රජයෙන් බරපතළ ප්‍රකාශයක්

තෙල් මිල ඉහළ යෑම ගැන රජයෙන් බරපතළ ප්‍රකාශයක්

මැරීන් ඩ්‍රයිව් ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන වාහන කොල්ලුපිටිය හන්දියෙන් හරවා වෙනත් මාර්ගයක් ඔස්සේ යොමු කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.

එසේම දෙහිවල, ගල්කිස්ස සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිට කොළඹ දෙසට පැමිණෙන රියදුරන්ට ද ආරක්ෂක අමාත්‍යාංශ හන්දිය (M.O.D. Junction), කොම්පඤ්ඤවීදිය, වැලිකඩ සහ බොරැල්ල හරහා දිවෙන මාර්ග ඇතුළු විකල්ප මාර්ග භාවිත කරන ලෙස උපදෙස් දී ඇත.

මෙම ඉසව්ව අතරතුර රථවාහන පාලනය සඳහා යොදවා ඇති නිලධාරීන්ට සහාය වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. මැරතන් තරගය අතරතුර ආරක්ෂාව සහ රථවාහන පාලන කටයුතු සඳහා යතුරුපැදි 175ත් 177ත් අතර ප්‍රමාණයක් යෙදවීමට නියමිතය. 

විදේශගත ශ්‍රමිකයින්ගේ මරණ වන්දි මුදල ලක්ෂ 20 දක්වා ඉහළට

විදේශගත ශ්‍රමිකයින්ගේ මරණ වන්දි මුදල ලක්ෂ 20 දක්වා ඉහළට