රිය අනතුරක් නිසා ප්රධාන මාර්ගයක් අවහිර වෙයි..
ඊයේත් මාරක අනතුරු කිහිපයක් කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ යක්කල ප්රදේශයේ දී මගී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්රධාන මාර්ගය යක්කල හන්දිය ආසන්නයෙන් අවහිර වී ඇති බව මේ වන විට වාර්තා වනවා.
මේ අතර ඊයේ දිනයේත් ප්රදේශ කිහිපයකින්ම රිය අනතුරු වාර්තා වුණා. රත්ගම, රත්න උදාගම ප්රදේශයේ අතුරු මාර්ගයක කඳු සහිත ස්ථානයක ධාවනය වූ පාපැදියක්, පැදිකරුට පාලනය කර ගත නොහැකිව තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් 51හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම පොළොන්නරුව ගල්කොරිය හන්දියේ සිට ගල්කොරිය දෙසට ගමන්කළ පාපැදියක් මාර්ගයේ පෙරළීමෙන් ස 68 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණා.
තවද මාලඹේ - හෝකන්දර මාර්ගයේ හෝකන්දර ප්රදේශයේදී ත්රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් බස්නැවතුම්පොළක සිටි කාන්තාවකගේ ගැටී ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.
ජාඇල - මිනුවන්ගොඩ මාර්ගයේ සී.ටී.බී හන්දිය ප්රදේශයේදී වෑන් රථයක් පාපැදියක ගැටී සිදුවූ අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මේ ආකාරයෙන් විවිධ ප්රදේශවලින් රිය අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් තිබුණා.