ඉදිරි දින කිහිපයේ කොළඹට බෝම්බ ප්රහාර මාලාවක්?..තුන්ඩු කැබැල්ලකින් හෙළි වූ දේ..
කොළඹ ප්‍රධාන මරමස්ථාන වලට ඉදිරි දින කිහිපය ඇතුළත බෝම්බ ප්රහාර මාලාවක් එල්ල වන්නේ යැයි ලැබී ඇති තොරතුර පිළිබඳ සනාථ කළ සාක්ෂි ලැබී නැතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ(05) දැනුම් දී තිබෙනවා.
එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබෙන්නේ, මෙම තොරතුරු හෙළිවී ඇත්තේ බන්ධනාගාර රැදවියෙකු බන්ධනාගාර බස් රථයෙන් එළියට විසි කරන ලද තුණ්ඩු කැබැල්ලකින් බවයි .
එය සලකා බැලීමෙන් අනතුරුව මේ ගැන විධිමත් විමර්ශනයක් කොට වහා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ බව ඊයේ(05) දැනුම් දී ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපයේ කොළඹ ප්‍රධාන මමස්ථාන වලට බෝම්බ ප්රහාර මාලාවක් එල්ල වන්නේ යයි තොරතුරු ලැබී ඇති බව කියමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාව ඉල්ලා අස්කර ගැනීමට ද එම කොට්ඨාසය කටයුතු කර තිබේ