කොළඹට යළිත් රතු එළියක්..තවත් නගර කිහිපයකට අවධානමක්..

Colombo Sri Lanka
By Aruna Mar 17, 2023 05:26 AM GMT
Report

කොළඹ නගරය ඇතුළු මෙරට ප්‍රධාන නගර හතක වායු දූෂණ තත්ත්වය සංවේදී පුද්ගලයන්ට අහිතකර ලෙස ඊයේ (16) දිනයේදී ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරනවා.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව දර්ශකයට (US AQI) අනුව කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණය (PM 2.5) ප්‍රමාණය 142 ක් දක්වා ඊයේ පෙරවරු 9.00 වන විටදී ඉහළ ගොස් තිබිණි.

වායු දූෂණ තත්වය හේතුවෙන් ඊයේ පෙරවරුවේදී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලය අඳුරු ස්වභාවයක් ඉසිලූ අතර, දැඩි රෂ්මිය තත්වයක්ද පැවතුණි.

මීට අමතරව යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, පුත්තලම සහ බදුල්ල යන නගර වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණයන්ද (PM 2.5) ඊයේ දිනයේ ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේය.

ඇමරිකානු වායුගුණ තත්ත්ව දර්ශකයට ඒ ඒ නගරයේ වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණයන් ඉහළ ගොස් තිබුණේ මෙයාකාරයෙනි.

යාපනය 120, කුරුණෑගල 117, මහනුවර 103, කෑගල්ල 106, පුත්තලම 129, බදුල්ල 109 මෙලෙස වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණය ඉහළ යෑම සෞඛ්‍යමය වශයෙන් සංවේදී පුද්ගලයන්ට බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ වැඩි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.