මොනවද මේ ඔබේ සමේ තරුණ පෙනුම රැක දෙන කොලජන් කියලා කියන්නේ...

Beauty
By Sithumini Jun 30, 2024 03:34 PM GMT
Report


අපේ සම හැදිලා තියන ප්‍රධාන සංගටකයක් තමයි කොලැජන් කියන්නේ. එමගින් තමයි සම ඇදලා තියාගන්නේ. මේක කෙනෙක්ගේ සමේ තරුණ බව රැක දෙන්න ඉතාම වැදගත් වෙනවා.

එය වයස අවුරුදු 20 පසු කිරීමෙන් අනතුරුව සෑම අවුරුදද්දකටම 1% බැගින් අපේ සමේ කොලැජන් අඩු වෙනවා. ඒ නිසාම අවුරුදු 25න් පසුව ඔබේ හමට කොලජන් ලබා ගන්න පුලුවන් නම් ඉතාම වැදගත් වෙනවා.කොලජන් වලින් ප්‍රයෝජන ගනණාවක්ම තියෙනවා.

  • සමේ තරුණ බව රැක දීම
  • සිරුර නම්‍යශීලි කිරීම අස්ථිශක්තිමත් කිරීම
  • නියපොතු වල ශක්තිමත් කරලීම
  • හිස කෙස් හැලීම පාලනය
  • ඔබේ වැඩි මාංශ පේෂි අඩු කිරීම
  • සම නිරෝගි කිරීම
  • සමේ ලෙඩ රෝග අවම කිරීම


මෙවැනි ප්‍රතිලාභ රාශියක් කොලජන් ලබා ගැනිම තුළින් තිබෙනවා. කොලජන් අපේ සමට ආර්ක්ෂා කරන ක්‍රමවේද තියනවා.

ස්වාභාවිකවම සමට ලැබෙන ක්‍රමවේද තියෙනවා. පැගිරි සහිත පළතුරු , සුදුළුනු, කජු, තත්කාලි, බිත්තර, ධාන්‍ය වර්ග, මස්,මාළු, රෝස පැහැති සැමන්, අලිගැටපේර, ඕට්ස්, නිවිති, වම්බටු ස්භාවික ආහාර වර්ග වලින් වගේම supliment මඟින් කොලැජන් ලබාගන්න පුළුවන්.

ඊට අමතරව වෙළදපොලේ මේවන විට කොලජන් සප්ලිමන්‍ට් සන්නාම වර්ග රැසක් තියෙනවා. නිවැරදි කොලජන් සන්නාමයක් තෝරාගන්න නම් ඔබ කළ යුතු දෙයක් තමයි. වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම. එසේනම් ඔබත් ඔබේ සමේ ලස්සන වැඩි කරගන්න කොලජන් භාවිතයට යොමු වෙන්න .