ශීත කාලගුණික තත්ත්වය ගැන නවතම දැනුම්දීම..

Sri Lanka Climate Change Weather
By Sewvandhi Dec 11, 2022 11:14 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ "මැන්ඩවූස්" සුළි කුණාටුවේ බලපෑම දිවයිනෙන් ඉවත්ව යාමත් සමග ශීත කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් අඩුවී යන බවයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ, "මැන්ඩවූස්" සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට ඉහළ අහස වලාකුළින් බරව පැවති නිසා අධික ශීත කාලගුණයක් පැවති බවය.

"දිවයිනෙන් බැහැරට ගිය මැන්ඩවූස් සුළි කුණාටුව ඊයේ දිනයේ උදෑසන කාලයේ දී ඉන්දියාව හරහා ගමන් කළා එම නිසා ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට බලපෑම ක්‍රමයෙන් පහව යනවා. කෙසේ නමුත් බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වයඹ පළාතෙත් යාපනය සහ මන්නාරම වැනි දිස්ත්‍රක්කවල උදෑසන කාලයෙත් වැසි බලාපොරොත්තු වෙනවා. උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා."

"පසුගිය දින කිහිපයේ තිබුණ අධික ශීත කාලගුණ තත්ත්වයට හේතුව තමා මුළු දිවයිනම වලාකුළින් බරව පැවතීම, දැන් මැන්ඩවූස් සුළි කුණාටුවේ බලපෑම පහව ගිය නිසා වලාකුළින් තොර අහසක් තමා ඉදිරියට අපට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. එතකොට ශීත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now