ඉහළ ගිය පොල් මිල.

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani Jul 16, 2023 08:58 AM GMT
Report

වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

නමුත් වෙළෙඳුන්ට පොල් ගෙඩියක් අලෙවි කරන්නේ රුපියල් 55කට බව පොල් වගාකරුවන් සඳහන් කළේ ය.

එහිදී අතරමැදි වෙළෙඳුන් විශාල ලාභයක් තබා ගනිමින් පාරිභෝගිකයින්ට පොල් අලෙවි කරන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ය.

අද වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100ත් 120ත් අතර අගයක පවතියි.

නමුත් පොල් මිල ඉහළ යාම කෙරෙහි ප්‍රවාහන වියදම් ද බලපා ඇතැයි වෙළෙඳුන් පැවසුව ද අවස්ථා රැසක දී ඉන්ධන මිල අඩු කළ ද තවමත් පොල් මිලෙහි අඩුවක් දක්නට නොමැත.